යුද්ධය නිමා වු බව සැබෑය...
එහෙත් කෙළවරක් නැති තවත් යුද්ධයකින්
තවමත් අපි පීඩා විඳිමු..
කුමක්ද මේ ගැටුම ??
එකෙකු පරයා තවෙකුගෙ නැගී සිටීම පිණිසය..
කාන්තා පිරිමි භේදයක් නැති බව සැබැවි..
එහෙත්....
මනසින් පමණක් නොව..
කායිකව ද වේදනා විඳින්නෙ..
ගැහැණිය පමණක් ම නොවෙද...
බසයෙ ද කෝච්චියෙ ද පදික වේදිකාවේ ද
තැනක් නොතැනක් නැත
බේබද්දන්ගෙන් අතවර එමටය....
වෙරි සිඳුනත් පළක් නැත...
උන්ට ඕනෑ විදියට අපි සිටිය යුතුය..
කවදා කෙලවර වේද මේ හටන..
ආත්ම ගරුත්වය නැමැති පළිඟුව රැකගන්නට
වලි කන ගැහැණුන් හා පිරිමින් හට
සාමය උදා කරදෙන්නෙ කව්ද...